සොරකමේ ගිය හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනාට වැඩ වරදී


(කේ බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය ප්‍රදේශයේ උත්සව ශාලාවක කාමරයකට සොරෙන් ඇතුලු වී එහි තිබූ ජංගම දුරකතන තුනක් සොරාගත් පනාගොඩ යුධ හමුදා කදවුරට අනුයුක්ත හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි

සැකකරුවන් දෙදෙනා මත්පැන් පානය කිරීම සදහා අදාල උත්සව ශාලාවට ගොස් සිටි අවස්ථාවේදී ඒ ආසන්නයේම කාමරයක තරැණ කාන්තාවක් සහ තරුණයෙකු නවාතැන් ගෙන සිට ඇති අතර එම දෙපළ නිදාගත් අවස්ථාවේදී එක් සැකකරුවෙකු වහලයෙන් එම කාමරයට බැස මෙම සොරකම සිදු කර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු සොරකම සිදු කරන අවස්ථාවේදී එම දෙපළ නිදාගෙන සිට ඇතැයි ද අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ලද පැමිණිල්ලක් මත සිදු කල විමර්ශණයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ පත්උඩුවන ගාලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 37 හැවිරිදි කෝප්‍රල්වරයෙකු සහ සෙවනගල මයුරාගම පදිංචි 38 හැවිරිදි කෝප්‍රල් වරයෙකු වන බවත් එම සැකකරුවන් දෙදෙනා ම පනාගොඩ යුද හමුදා කාලතුවක්කු ඒකකයට අනුයුක්ත බවද පොලිසිය පවසයි.