සොයිසාපුර වෙඩි තැබීමට සැකකරු පැමිණි මෝටර් රථය පිළියන්දලින් හමුවේ


බිමල් ෂ්‍යාමන් ජයසිංහ

රත්මලාන සොයිසා පුර ආපනශාලාවට වෙඩි තැබීමට සැකකරු පැමිණි මෝටර් රථය පිළියන්දල සුවාරපොළ කොස්පැලැන්වත්ත පාර ප්‍රදේශයේ නිවසක් අසල නතර කර තිබිය දී අද අලුයම සොයා ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

බස්නාහිර පළාත් බුද්ධි  කොට්ඨාසය ලද තොරතුරක් අනුව මෝටර් රථය සොයා ගත් බව පොලිසිය සදහන් කරයි.      

මෝටර් රථය එම ස්ථානයට පදවාගෙන ආ පුද්ගලයා සහ එය කුලී පදනම මත ලබා දුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි .