(අජිත්ලාල් ශාන්තඋදය, ජයන්ත නානායක්කාර සහ රෝහණ සමරවීර)
අස්වැසුම දීමනාව රුපියල් තිස්හත් ලක්ෂ අසූඑක් දහසක් වංචනික ලෙස වෙනත් ගිණුම්වලට බැරකර මුල්‍ය අක්‍රමිකතාවක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් වැඩතහනමට ලක්ව සිටි කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සේවා නිලධාරිනිය 16දා තෙක් රිමාන්ඩ්භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.කේ. ඉනෝකා නයෝමි මහත්මිය නියම කළාය
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන අංශයේ සේවය කර වැඩ තහනමට ලක්වු චමිලා කුමුදු කුමාරි යන කළමනාකාර සේවා නිලධාරිනිය මෙසේ රිමාන්ඩ්බාරයට පත්වුවාය.
ඇඹිලිපිටිය පොලීසියේ ස්ථාපිත විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පසුගිය 13දා ඇය අත්අඩංගුවට ගැනු ලැබීය. ඒ මඩුවන්වල පිහිටි නිවසකදීය. කොළොන්න ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා වීරසිංහ මහත්මිය ඇඹිලිපිටිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව පොලිස් විමර්ශන පවත්වා එසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
වයස්ගත සහ වෙනත් අස්වැසුම මුදල් හිමිකරුවන්ගේ ගිණුම්වලට මුදල් බැර නොකර වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට රුපියල් තිස්හත් ලක්ෂ අසුඑක් දහසක්වංචා සහගතව බැරකර ඇති බව මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වු බව පොලිසිය අධිකරණයට දැන්වීය
මෙම වංචාව සම්බන්ධයෙන් අස්වැසුම සුබසාධන මණ්ඩලයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්කාර්යාල වලින්ද විගණන පරීක්ෂණ අරඹා ඇති බවද පොලීසිය පැවසුවේය. නමුත් ඒ වාර්තා මෙතෙක් ලැබි නැති බවද පොලිසිය අධිකරණය වෙත දැනුම්දුන්නේය.