(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාව පළ විය.
එසේම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී වැඩිදුරටත් එකගත්වය පළවී ඇත.
කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස්විය. මෙම කාරණාවලට එකඟත්වය පළ වී ඇත්තේ එම රැස්වීමේදීය.

