(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා " සේද මාවත " ( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් අද අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර , අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බව කණුගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .
ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙවැනි මුදල් ගෙවා භාවිතා කරන ප්‍රභූ පර්යන්ත , එම ගුවන් තොටුපළ තුළ පවත්වා ගෙන යාමක් සිදු නොවන බවට තොරතුරු වාර්තා වේ .