සෙත්සිරිපායෙන් ඇද වැටී අයෙක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
තලංගම බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වන මහලේ සිටි පුද්ගලයකු අද(07) තුන්වන මහළට ඇද වැටී මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
 
අනතුරින් මිය ගොස් ඇත්තේ කෝට්ටේ මැදිවෙල ප්‍රගතිපුර පදිංචිව සිටි දුල්සිරි කාරියවසම් නමැත්තායි.
 
එම තැනැත්තා නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන  අයෙකු බව ද පොලිසිය කියයි.
 
තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.