සූරියදමන වැව ඉස්මත්තේ නිධන් සෙවු 9 ක් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)

සුරියදමන වැව ඉස්මත්තේ පිහිටි ගල් තලාවක නිධන් සෙවීමේ කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9 දෙනෙකු  අත්අඩංගුවට ගත්බව මහවිලච්චිය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම,විලච්චිය,ගාලදිවුල්වැව,හා අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ත් 60 ත් අතර වියේ පසුවන පුද්ගලයන් පිරිසකි.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ  වැටලීමේදී සැකකරුවන් භාරයේ තිබු නිදන් සෙවීම සඳහා පුද පුජා පැවැත්වීමට  භාවිතා කළ උදලු,අලවංගු වැනි කැනීම් උපකරණ නිහිපයක් හා මල් පහන් ආදියද  පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද (01) දින අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මහවිලච්චිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.