(රංජිත් රාජපක්ෂ සහ ගාමිණි ඉලංගන්තිලක)
මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටස ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් තිදරු පියකු ජීවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටසට අයත් (44) හැවිරිදි රාසමනික්කම් සෙල්වකුමාර් නම් තිදරු පියෙකි.
පවතින අධික සුලං සහ වර්ෂාවත් සමග තේ වත්තේ දර ඇහිලීමට ගිය බවත්, එම අවස්ථාවේ පැවති සුළං තත්වයත් සමග ඔහුගේ හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි.