සුව ඇමති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි


(අංජුල මහික වීරරත්න)

ලංකාව   මෑතකාලීන ආර්ථික අර්බුද වලින් ගොඩ එමින් සිටිනුයේ මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතිව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ සදහා ගෝලීය ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින්  අගය කරන බව ද අමාත්‍යවරයා කීය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී  පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා   78 වන වාර්ෂික මහා සමුළුව අමතමින් මේ බව කීය.

මෙම මස 19 වන දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම සමුළු පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.