සුව ඇමති - ෆින්ලන්ත තානාපති හමුවක්


(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති Kimmo Lahdevirta මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව සහ මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙරට  සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තානාපතිවරයා දැනුවත් කළ අතර, වයස්ගත ජනගහනය, බෝ නොවන රෝග අභියෝග මෙන්ම  අභියෝග වලට මුහුණදීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා සවිබල ගැන්වීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන  දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමේ සහ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ද ෆින්ලන්ත තානාපතිවරයා දැනුවත් කළේය.