(ඩයනා උදයංගනී)
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බොහෝ දෙනෙක් පා පැදි භාවිතයට හුරුව ඇත. කොළඹ නගරයේ ද බොහෝ දෙනෙක් පා පැදිවලින් ගමන් බිමන්වල නිරත වන අයුරු දැකගත හැක.
මේ වන විට කොළඹ ඇතැම් සුපිරි වෙළඳසැල් අසල ද පා පැදි නැවැත්වීමේ පහසුකම් ඇති කර තිබෙනු දක්නට ලැබේ.
කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ‘කළම්බු සිටි සෙන්ටර්’ඉදිරිපිට ද පා පැදි නැවැත්වීමේ පහසුකම් ස්ථාපිත කර ඇති අයුරු සහ එහි පැමිණි පිරිස් පා පැදි නවතා ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූපය: ඩයනා උදයංගනී)