
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි )
කොහුවල සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා පිටතට රැගෙන යමින් සිටි යුද හමුදා සෙබළියක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට අනුයුක්ත සෙබළියකි.
ඉකුත් 01 වෙනි දින රාත්‍රී භාණ්ඩ සමීක්ෂණයේදී මස් විකුණුම් මංශයේ ඉතිරි තොග වල යම් අඩුපාඩුවක් හේතුවෙන් සීසීට්වි කැමරා පරීක්ෂා කර බැලීමේදී කාන්තාවක් විසින් මුදල් නොගෙවා මස් විකුණුම් අංශයෙන් මස් පාර්සලයක් පිටතට ගෙනයන බවට නිරීක්ෂණය වී එම ආයතනයේ කළමනාකාරීත්වය විසින් කාන්තාවගේ හැඩරුව නිරීක්ෂණය කර තිබූ බව පොලිසිය කියයි.
සැකකාරිය ඊයේ (16) දිනද ලබාගත් භාණ්ඩ මුදල් නොගෙවා පිටතට රැගෙන යාමේදීම ආයතනයේ සේවකයින් විසින් අල්ලාගෙන භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය රත්මලාන කල්ද මුල්ල පදිංචි වයස අවුරුදු 28 තැනැත්තියකි.

