(ඉන්දිකා රාමනායක)
ලංකා සතොස ආයතනයේ සිදුවී ඇතැයි කියන සුදුළුණු වංචා සිද්ධියට අදාළව බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි තරුණයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
මෙම සැකකරු මෙම සුදුලූනු තොගය මිලදී ගත් බවට චෝදනා එල්ලව ඇති කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා බවද පොලිසිය පවසයි .
සතොස ආයතනයට රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ,කූඨ ලේඛන සෑදීම, යන කරුණු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

