සීදූවේදීත් මෝටර් රථයක් ගිනි ගනී


(වී. ඒ. නිශ්ශංක)

වෛද්‍යවරයකු ධාවනය කළ ටොයෝටා බෙලට් වර්ගයේ සුඛෝප භෝගි මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පසු මෝටර් රථය ගිනි ගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

සීදූව - කොටුගොඩ මාර්ගයේදී  සිදුවූ මෙම අනතුරකින් කාර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ගොස් තිබේ.

යතුරු පැඳිකරුට බරපතල තුවාල සහිතව මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ. කාර් රථය පැඳවූ වෛද්‍යවරයාට කිසිදු අනතුරක් සිදුව නැත.

ගිණිනිවන රථයක් ගෙන්නුවද එම ගිණිනිවන රථය පැමිණෙන විටත් කාර්රථය ගිනිගෙන දැවීගොස් හමාරය.