(ටී.කේ.ජී.කපිල)
ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට පළමු සංචාරකයන් පිරිස අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මොවුන් ස්විට්සර්ලන්තයේ සුරීච් ( Zurich ) සිට ඊඩල්වයිස් ගුවන් සේවයේ කුළී ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ශීත ඍතු කුළී ගුවන් ගමන් සේවා 2023 වසරේ නොවැම්බර් මස 03 දින සිට එළඹෙන 2024 වසරේ මැයි මස 17 දින දක්වා ස්විට්සර්ලන්තයේ සුරීච් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක වීමට නියමිතය .
මෙසේ පැමිණි ස්විට්සර්ලන්ත ගුවන් මගීන් පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ගුවන් තොටුපොළ එක්ව සංවිධානය කර තිබුණි .

