
(ගයාන් සූරියආරච්චි සහ ජේ. ඒ.එල්. ජයසිංහ)
මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු විසින් එල්ල කර පිහි පහරකින් අනෙක් සිසුවා තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහනුවර පොලිසිය පවසයි .
එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 16 සිසුවකු බව පොලිසිය කියයි .
සිසුන් දෙදෙනා අතර ගැටුම පාසල ඉදිරිපිට දී සිදුව තිබූ අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.
මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

