(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි ක්‍රියාත්මක වන නිලධාරි අධිරාජ්‍ය බිඳ දැමීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියකින් පෙන්වා දී ඇත.
නීති විරෝධී ආකාරයට සිරකරුවන් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව එම ලිපියෙන් මූලික අවධානය යොමු කර ඇත
බන්ධනාගාර සිදු කරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ පවත්වා අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ බන්ධනාගාර පද්ධතියම පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමේ ඉක්මන් අවශ්‍යතාවයද එම ලිපියෙන් අවධාරණය කර ඇත.