
(සුජිත් හේවාජුලිගේ )
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන සියලුම සත්තු උද්‍යාන ,සෆාරි උද්‍යාන සහ අලි අනාථාගාර අද (4) සිට නැවත දැනුම් දෙන දෙනතුරු වසා තැබීමට තීරණය කර ඇත.
කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගන්නා ලදැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

