සියයට 25කට මත්වතුර එපාවේ


(සුජිත් හේවාජුලිගේ)

මෙරට මත්පැන් පානය සියයට 25 කින් පමණ පහළ බැස ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීහු පවසති.

පූර්ව කොවිඩ් සමයේදී මෙරට ජනතාව මත්පැන් පානය වෙනුවෙන් දිනකදී රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර එම මුදල මේ වන විට රුපියල් කෝටි 35 දක්වා පහත බැස ඇතැයිද ඔවුහු සඳහන් කරති.

ආර්ථිකමය වශයෙන් පොදුවේ ජනතාවට ඇති අගහිගකම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත .මෙයට අමතරව සමහර පිරිස් නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යවලට පෙළඹීම , මත්පැන්වලින් ප්‍රතිශක්තිය අඩු වේ යැයි පැවසෙන මතය හා වැඩි වේලාවක් රැඳී සිටිමින් මත්පැන් පානය කළ හැකි අවන්හල් ,තානායම් හා හෝටල් තවමත් විවෘත නොවීම යන ආදී හේතුද මත්පැන් පානය අඩු වීමට බලපා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .