(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ සාදාගෙන යමින් පවතින අනාරක්ෂිත වැසිකිලි වළකට වැටුණ අවුරුද්දයි මාස තුනක බිළිදියක මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ වැසිකිලි වලකට වැටී මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව වාකරේ පදිංචි තේනාහංදිගේ විනුකි හංසිමා නැමති නැමති අවුරුද්දයි මාස තුනක දැරියකි.
ඊයෙ(06) සවස මරණයට පත් දැරියගේ පියා නිවසේ සිට නැති අතර මව අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී දැරිය සමග ඇයගේ වැඩිමහල් සහෝදරියත් සහෝදරයත් එකට සෙල්ලම් කර සිට ඇත.
මව විනාඩි 10ට පමණ නැවත නිවස තුළට පැමිණීමේදී තම දියණිය අනෙකුත් දරුවන් සමග නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී වාසිකිලි වැලට වැටී එහි පිරී තිබූ වතුරේ උඩ යට යමින් සිටියදී ඇය විසන්ම දරුවා ගොඩට ගෙන කඩිනමින් අසල් වාසීන්ගේ උදව් ඇතිව ආනවිලුන්දාව ග්‍රාමීය රෝහලට ඇත්ලත් කළ බවත් මව සිය කට උතරයේදී ප්‍රකාශ කර ඇත.
දැරිය රෝහල්ගත කරන විටත් මරණයට පත්ව සිටිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.