සිංහරාජයෙන් ශාඛ ඉස්සූ විදේශකයන් තුනක් රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)

වලංගු බලපත්‍රයක් නොමැතිව සංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජිවි හා අජිවි සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සාහ කරන ලද ඉරාන ජාතිකයන් තිදෙනකු සහ ශ්‍රි ලාංකිකයකු නෙළුව වනජිවි නිලධාරින් අද සවස අත් අඩංගුවට ගෙන උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් සිව් දෙනා ලබන මස 05 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ1 Mohommad Erfan Arsalan ´2 Fironzi Arsalan Hassangholi 3 Arabzdeh Gholamneza Ahmad යන ඉරාන ජාතිකයින් තිදෙනා සහ කඳාන හපුගොඩ පදිංචි පොන්වීර ආරච්ච්ගේ දොන් අශේන් මධුරංග අබේසේකර යන සිව්දෙනා වෙති.

මෙම සැකකරුවන් නෙළුව වන අඩවි සිමාවට අයත් සිංහරාජ රක්ෂිතයට ඇතුලුවිමට ඇති ලංකාගම ප්‍රවේශපත්‍ර කව්ළුව අසලදි සිදු කරන ලද පරික්ෂාවකදි වලංගු බලපත්‍රයක් නොමැතිව ජිවි හා අජිවි ශාක කොටස් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටියදි අද සවස හයට පමණ අත් අඩංගුවට ගෙන ඇත.

වන නිලධාරින්ට ලද තොරතුරකට අනුව මොවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි වැන් රථයද අත් අඩංගුවට ගෙන ඇත.

ඡායාරූප සුමතිපාල දීයගහගේ