(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
ලෝක උරුම සිංහරාජ වනාන්තරය නැරඹීමට මතුගම මාර්ගය හරහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව උදෙසා නව මාර්ගයක් ඉදිකර තිබේ.
කලවාන මතුගම මාර්ගයේ පැමිණ කැප්පෙට්ටිය මණ්ඩිය හරහා කොක්කාවිට, බටහේන හරහා පහසුවෙන් සිංහරාජයේ කුඩව පිවිසුම වෙත ළඟාවීමට හැකිය. සිංහරාජය නැරඹීමට මතුගම දෙසින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් හට සිංහරාජය වෙත ළඟාවීමට හැකි කෙටිම මාර්ගය මෙය වේ.
මෙම මාර්ගය ඉදිකිරීම් රත්නපුර දිස්ත්‍රික් හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ මැදිහත් වීම මත කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්දාප්‍රිය මහතා සහ කොඩිප්පිලිකන්ද කොට්ඨාසයේ මන්ත්‍රී ජගත් කොඩිතුවක්කු මහතාගේ මැදිහත් වීම මත ඉදිකර තිබේ. මෙම මාර්ගය ඉදිකිරීම හේතුවෙන් 25 ක පමණ දුරක් අඩුවෙන් සිංහරාජය වනාන්තරය වෙත පිවිසිමට අවස්ථාව උදා වී තිබේ.මෙම මාර්ගය කාපට් කිරීමද ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
මෙම මාර්ගයේ ගමන් කිරීමේදී දිය ඇලි, ඇළදොළ ,විවිධ සතුන් පක්ෂීන් නැරඹීමට අවස්ථාව සංචාරකයන් හට හිමිවේ. ඉදිරියේදී මෙම මාර්ගය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් කිරීමට කලවාන ප්‍රාදේශීය සභාව බලාපොරොත්තු වේ.


