සැකකරුවෙකුගේ බැංකු කාඩ් පතින් බඩුගත් හිටපු පොලිස් සැරයන් දැලේ


(ගයාන් සූරියආරච්චි )

ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුට අයත් බැංකු කාඩ් පතකින් වෙළඳ සල් වලින් භාණ්ඩ මිලදී ගත් බව කියන පොලිස් සැරයන්වරයකු  අත්අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්දර පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී  වැඩ තහනමට ලක්වු පොලිස් සැරයන්වරයෙකි.

අන් අයකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ඉකුත් 2024 වසරේ ගන්දර  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුගේ දේපළ වශයෙන් බැංකු කාඩ් පතක් පොලිස් භාරයට  ගෙන තිබූ අතර සැකකරු එම බැංකු කාඩ් පතින් භාණ්ඩ මිලදීගෙන තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාතර හම්බන්තොට කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය