(නිමල කොඩිතුවක්කු)
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන සාර්ක් චිත්‍රපට උළෙල 2019 ජූලි 2 දින සිට ජූලි 7 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම චිත්‍රපට උළෙලේදී සාමාජික රාජ්‍යයන් විසින් සිනමා පට 5 ක් බැගින් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන අතර, මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙන දින 5 තුළ සිනමා පට දෙකක් නොමිලයේ ප්‍රදර්ශනය කෙරේ.
එමෙන්ම මෙම චිත්‍රපට උළෙලේ දී කෙටි චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ.
එහිදී හොඳම වෘතාන්ත චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම ශබ්ද සමායෝජක, හොඳම සංස්කාරක, හොඳම සිනමාකරුවා, හොඳම කෙටි චිත්‍රපටය හා ජූරියේ විශේෂ සම්මාන 2 ක් ද පිරිනැමෙන අතර, ඉන්දුනීසියාව, කොරියාව හා පිලිපීනය යන රටවල් නියෝජනය කරමින් එම රටවල විනිශ්චය මණ්ඩලය විසින් ඒ සඳහා විනිශ්චයක් ලබා දෙනු ඇත.

