
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර ඇත.
2024 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මාර්තු මස 17 වනදා සිට 26 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,664කදී පැවැත්විණි. ඒ සඳහා සිසුහු 474,147 දෙනෙකු පෙනී සිටියහ.
විභාග ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල භාගත කර ගත හැකියි.
මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ජුලි 14වැනි දා සිට 28වනදා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
නව ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටිති.

