සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට


(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස නම් කළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (29) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.

කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාය.