
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාව රුසියාවේන් මිලට ගත් " ස්පුට්නික් - V " එන්නතේ තවත් මාත්‍රා 15,000 ක් අද අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පවසයි.
මෙම එන්නත් තොගය ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීම සදහා මෙරටට එවා තිබේ .
රුසියාවේ මෙම ස්පුට්නික් එන්නතේ මාත්‍රා 150,000 ක් , දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට නියමිතව ඇති අතර , එයින් එන්නත් මාත්‍රා 15,000 ක කොටසක් , මෙලෙස අද දින එවා තිබේ .
මෙසේ ස්පුට්නික් දෙවන මාත්‍රාව ලෙස එන්නත් කිරීමට අවශ්‍ය ඉතිරි එන්නත් මාත්‍රා 135,000 ක ප්‍රමාණය ද , මෙම අගෝස්තු මස අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබා දීමට , රුසියානු රජය එකගතාවය පළ කර ඇති බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා පැවසීය .


