සහල් හිඟයක් නෑ


(බිඟුන් මේනක ගමගේ)

මෙරට සහල් හිඟයක් නැතැයි ද කාලීන මිල ඉහළ යාමක් මිස කෘතිම මිල ඉහළ නැන්වීමක් නැතැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ පුහුණු ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන මහතා ලංකාදීපයට අද(22) පැවැසීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත අනුව පසුගිය මහ කන්නයේ හා යල කන්නයේ පිළිවෙලින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15 සහ 30 බැගින් නිෂ්පාදනය වුණේ යැයි ද එය දේශීය සහල් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් යැයි ද ප්‍රියදර්ශන මහතා කීය.

සහල් මාෆියාවක් ගැන පැතිර යන පුවතේ සත්‍යතාවයක් නැතැයි කී හෙතෙම මහා පරිමාණ මෝල් හිමියන් නොවන්නට වී මිලදී ගෙන මහා පරිමාණයෙන් ගබඩා කිරීමේ හැකියාව රජයට නැතැයි ද පැවැසීය.

සහල් හිඟයක් ගැන පුවත් මැවීමෙන් සහල් අනවශ්‍ය ලෙස ආනයනය කිරීමට පරිසරය සැකැසීමට ඇතැමුන් කටයුතු කරන්නේ යැයි ද ඒ මහතා චෝදනා කළේය.

ආසියානු කලාපයේ දී හොඳම සහල් නිපදවන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද ප්‍රියදර්ශන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.