සහරාන්ගේ ගෝලයා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට


(ඉන්දිකා රාමනායක)

ජාතික තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක  මොහොමඩ් සහරාන් නැමැත්තා සමඟ සමීප සම්බන්ධකම් පැවැත් වූ බවට  අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු වැඩිදුර පරීක්ෂණ සඳහා  අද  (21) ත‍්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාසයට බාරදුන් බව පොලිසිය කියයි.

මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ  මොහොමඩ්  බසීර්  මෙහොමඩ් ෆස්හාන් නැමැත්තාය.  ඉකුත් අප්‍රේල් 27 දින අලුත්ගම දර්ගා නගරයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මොහු රඳවාගෙන ප‍්‍රශ්න කිරීමේ දී  සහරාන් සමඟ සමීප සම්බන්ධකම් පැවැත් වූ බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන්  වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාසයට බාර දුන් බවද  පොලිසිය කියයි.