සහරාන්ගෙන් අවි පුහුණුව ලැබූ 64 දෙනා යළි රිමාන්ඩ්


(ටී. එල්. ජවුෆර්ඛාන්)

පාස්කු ප්‍රහාරයෙන් පසු තව්හීද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියමින් අත්අඩංගුවට ගත් 64 දෙනා තවදුරටත් මාර්තු 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ  විනිසුරු  ඒ. සී. එම්. රිස්වාන් මහතා අද (10) නියෝග කළේය.

නුවරඑළියේ දී ජාතික තව්හීද් ජමාත්  මූලස්ථානයේ ආයුධ පුහුණු ලැබූවැයි සැකපිට අත්අඩංගුවට ගත්  කාත්තන්කුඩි පදිංචිකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.