සහනාධාරයට නම දාගෙන සල්ලි පොලියට දෙන පිරිසකුත් ඉන්නවා


(අංජුල මහික වීරරත්න)

සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

සමෘද්ධි සහනාධාර ක්‍රමයේ විවිධ ප්‍රශ්න තිබූ බව හැමදෙනාම දන්නා බව කී රත්නප්‍රිය මහතා ලක්ෂ දාහතක පිරිසක් සමෘද්ධි සහනාධාරය ලැබු අතර ඒ අතර සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු පිරිසක් සිටින බවද සඳහන් කළේය.

පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සමඟ දුප්පත් බවට පත්වූ ප්‍රතිශතය ඉහල ගිය බවද ලක්ෂ පහකට වැඩි පිරිසකගේ රැකියා අහිමි වූ අතර ඒ පිරිස එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අස්වැසුම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ බව රත්නප්‍රිය මහතා කීය.