
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව මුදල් වෙන් කිරීම් ගැන උදම් ඇනුවත් ප්‍රශ්නය තිබෙන්නේ ඒ මුදල් වලින් වැඩ කරනවාද යන කාරණය ගැන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ)පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඩිජිටල්කරණයට මුදල් වෙන් කිරීම ගැන කතා කළා. මුදල් නම් වෙන් කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නෙ වැඩ කරනවද කියන එකයි. හැබැයි ප්‍රායෝගිකව බිම් මට්ටමේ මෙය සාර්ථක වී තිබේද යන කාරණය ප්‍රශ්න සහගතයි.ඩිජිටල් අමාත්‍යංශයට පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල් වලින් කොපමණ ආයෝජනය කළාද? වැඩපිළිවෙළ ප්‍රශ්නයක් නෑ.අපිත් පටන් ගත්තෙ ඔය වැඩපිළිවෙළම තමයි.
ආණ්ඩු වෙනස් වෙනවාත් එක්කම ඒක නතර වුණා.නතර කරපු තැනින් පටන් ගෙන ආපහු යනවා.හැබැයි මේ ප්‍රායෝගිකව බිම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබ වගකීම ගත යුතුයි යනුවෙන්ද රාජපක්ෂ මහතා කීය.

