(අංජුල මහික වීරරත්න)
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට අමාත්‍ය මණ්ඩලය අදහස් කර සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ හමුවක් අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණු අතර එම සාකච්ඡාවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන් ඉහත අදහස ප්‍රකාශ කර තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.