(අජන්ත කුමාර අගලකඩ)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ රැසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පස්වරුවේ රැස් වී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ජාතික ජන බලවේගය හැරුණුකොට විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයින් සහභාගී වී ඇතැයි වාර්තා වේ.
අතුරලියේ රතන හිමියන් ද, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂමන් කිරිඇල්ල,රවුෆ් හකීම් ,වාසුදේව නානයක්කාර ,පාඨලී චම්පික රණවක ,එම් ඒ සුමන්තිරන්,උදය ගම්මන්පිල, ජීවන් තොන්ඩමන්,මොහොමඩ් මුසම්මිල්, ගෙවිදු කුමාරතුංග ,දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර ,ඒ එල් එම් අතාවුල්ලා, අනුර ප්‍රියදර්ශන යාපා ,මහාචාර්ය චරිත හේරත් ,ප්‍රේමනාත් දොලවත්ත,චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල මහාචාර්ය තිස්ස විතාරණ යන මන්ත්‍රීවරුන් ද ඊට සහභාගි වී ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් කඩිනමින් පිහිටුවීම සම්බන්ධයෙන් මෙන්ම, විසිඑක්වැනි සංශෝධනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.