සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බන්දුල තිලකසිරි


(අජන්ත කුමාර අගලකඩ)

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස නීතිඥ ආර්.පී.බන්දුල තිලකසිරි මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කර ඇති ඔහු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල්වරයකු ලෙස ද කටයුතු කර ඇත.

වෘත්තීය පුහුණු අධිකාරියේ ද අධ්‍යක්ෂ ජනරාල් ලෙස කලක් කටයුතු කළ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි.