
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව කීය.
සමූපකාර බැංකු රැසක මූල්‍ය අක්‍රමිකතා ඇතුළු අවිධිමත් කටයුතු සිදුවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බැවින් ඒවා නිවැරදි ලෙස නියාමනය කරමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා නව නීති ගෙන ඒම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම තත්ත්වය නිසා මහජනතාවගේ පහසුව වෙනුවෙන් ඇති සමූපකාර බැංකු ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත්වෙමින් පවතින බවත් යම් සීමිත කණ්ඩායමක් පමණක් ඉන් ප්‍රතිලාභ ලබා ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට හිඟයකින් තොරව ලුණු ජනතාවට ලබාගත හැකිවුව ද වෙළඳපොලෙහි ලුණු මිලෙහි වැඩිවීමක් පිළිබඳව පැමිණිලි ලැබෙන බැවින් වැඩි ලාභ අපේක්ෂාවෙන් ලුණු මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.

