සම්පත් මනම්පේරිට දින 90ක රැඳවුම් නියෝග


( චන්ද්‍රසේන ගමගේ)

මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කොන්ටේනර් දෙකක් ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි සම්පත් මනම්පේරි  උතුර කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ දින අනූවක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ශා කොඩිතුවක්කු මෙනෙවිය අවසර දෙනු ලැබීය.

බන්ධනාගාර ගතව සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි හා ඔහුගේ සොහොයුරු ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ  අගුණකොළ පෑලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පියල් මනරි අද පෙරවරුටවේදී වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අද පෙරවරු 10.20 ට පමණ අදාළ නඩුව කැඳවූ මහේස්ත්‍රාත්වරිය උතුරු කොළඹ අපරාධ විමර්ශන නිලධාරීන්ගේ හා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් කරුණු විමසනු ලැබීය.