සමථකරණයට බිලියනයක් වෙන් කරයි


 (අංජුල මහික වීරරත්න)

සමථකරණ ක්‍රියාවලිය සඳහා මෙම වසරේ රුපියල් බිලියනයකට වඩා වැඩි මුලක් වෙන් කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

අධිකරණයේ ගොඩගැසී ඇති නඩු ලක්ෂ දෙකක් පමණ සමථකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙන් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ සෑම වසරකම ජූලි 18 වන දිනට යෙදී ඇති ජාතික සමථ දිනය සැමරීමේ උත්සවය අමතමිනි.කොළඹ 7 පදනම් ආයතනයේදී  මෙම උත්සවය පැවැත්විණි.

1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත යටතේ 1990 වසරේ ජූලි මස 18 දින සිට සමථ මූල මණ්ඩලය පිහිටු වීමෙන් අනතුරුව වසර 35ක් ඇතුලත ස්වේච්ඡාවෙන් හා කැපවීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කරනු ලබන සමථ මූල මණ්ඩල සභාපතිවරුන් ඇතුළු සියළුම සමථකාරකයන්ට ප්‍රණාමය පුද කිරීම සඳහා  ජාතික සමථ දින සැමරීම සිදු කරයි.