සඳුදා නිවාඩු වුවත් ආර්.එම්.වී.එක වැඩ


(යොහාන් භාසුර)

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාලවල සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 0112677877 දුරකථන අංකයෙන් වේලාවක් වෙන්කර ගත යුතුය.

කුරුණෑගල, ගම්පහ, අනුරාධපුර, යාපනය සහ හම්බන්තොට යන ප්‍රාදේශීය කාර්යාලවල කලින් වේලාව වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් සේවය සපයනු ලැබේ.