සනිපාරක්ෂක තුවා මිල අඩු කිරීම ගැන ජනපතිගේ අවධානයට


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සනීපාරක්ෂක තුවා මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව තිබෙන බව තමාට දැනගන්නට ලැබුණි යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

වරාය හා ගුවන් සේවා බදු ,රේගු ගාස්තු,සහ සෙස් බදු  ආදිය අඩු කෙරුණු විට පරණ මිපටම සනීපාරක්ෂක තුවා විකිණීමට වෙළෙන්දන්ට සිදුවෙනු ඇතැයි ද ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.

සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම සම්බන්ධයෙන් තමා ලිපියකින් ජනාධිපතිවරයා දැනුවත් කළ බව ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

රුපියල් 150 ට සනීපාරක්ෂක තුවා මාස්පතා ලබාදෙන්නට ලංකාවේ නිෂ්පාදකයෙක් කැමති වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

දැන් තිබෙන්නේ  මුදල් අමාත්‍යංශය මගින් අදාල මිල අඩු කිරීම් සම්බන්ධව ගැසට් නිවේදන නිකුත් කරවා ගැනීම  බවද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.