(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලික කරගනිමින් පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනම් කිරීමට එම පක්ෂ දෙක හා ඊට සම්බන්ධ සෙසු පක්ෂ තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඉකුත් සිකුරාදා (22) රාත්‍රීයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
දිනේෂ් ගුණවර්ධන ,වාසුදේව නානායක්කාර, එස්.බී.දිසානායක , ඩලස් අලහප්පෙරුම ,ඩග්ලස් දේවානන්ද , විමල් වීරවංශ , මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, තිලංග සුමතිපාල,මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස,ටිරාන් අලස්,ලක්ෂ්මන් වසන්ත පෙරේරා,මුර්තු සිවලිංගම් සහ රාජා කොල්ලුරේ යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වූහ.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් ශ්‍රී ලනිපය , පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධ පක්ෂ එක්ව රටපුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටත් නව දේශපාලන හා සන්ධානයක අව්‍යශතාව පිළිබඳව ජනාතාව දැනුවත් කිරීමටත් එම සාකච්ඡාවේදී තීරණය වූ ඊට සම්බන්ධ වූ නියෝජිතයන් සඳහන් කළේය.
සන්ධානය පිහිටුවීමට නියෝජිත ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර එකඟතා ඇති කර ගැනීම කඩිනම් කිරීමටත් , පුළුල් දේශපාලන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමටත් එහිදී කමිටු කිහිපයක්ද පත් කර ගැනුන බව සඳහන් කළේය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් ළඟදී හමුවී මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරනු ඇතැයි ද හෙතෙම කීවේය.
ඉකුත් සිකුරාදා රාත්‍රී 7.15ට පමණ ආරම්භ වු එම සාකච්ඡාව රාත්‍රී 10.00 පමණ වන තෙක් පැවැති බවද වාර්තා වේ.

