සනත් නිශාන්තගේ රියදුරුට ඇප


(මනෝප්‍රිය ගුණසේකර)

සනත් නිශාන්ත මහතා අනතුරට ලක්වන අවස්ථාවේ ඔහුගේ රථය පැදවූ රියදුරා වන ප්‍රභාත් එරංග ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (5)නියෝග කළේය.

රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය