(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
හදිසි අනතුරකින් මරණයට පත්වු හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ ආරච්චිකට්ටුව නිවසට ගිනි තබා විනාශ කිරිමේ චෝදනා එල්ලවි තිබු සැකකරුවන් 68 දෙනා එම නඩුවෙන් නිදහස් කිරීමට හලාවත දිසා විනිසුරු හා ප්‍රධාන මහෙස්ත්‍රාත් සිරිමේවන් මහේන්ද්‍රරජා මහතා නියෝග කළේය.
හලාවත ජාතික ජන බලවේගයෙ ප්‍රධාන සංවිධායක , එක්සත් ජාතික පක්ෂයෙ හලාවත හා ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ ජාතික ජන බලවේගය පක්ෂ ආධාරකරුවන් පිරිසකට මෙම චෝදනා එල්ල වී තිබිණි.
වසර දෙකකට ආසන්න කාලයක් පැවති මෙම නඩු විභාගයට පොලිසියට සැකකරුවන් වෙනුවෙන් කිසිදු පිළිගත හැකි සාක්ෂීයක් ඉදිරිපත් කිරිමට හැකියාව නොතිබු බැවින් යළි නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පිරිස නිදහස් කිරීමට නියෝග කළේය.

