සතොසට ලක්ෂ 170වක ඉතිරියක්


(යොහාන් භාසුර)

වරාය අධිකාරිය බාරයේ තිබූ සීනි කන්ටේනර් 81ක් ලංකා සතොසට ලබාදීමේදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්‍ෂයකට (17,000,000) අධික ප්‍රමාද ගාස්තුව කපාහැරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම සීනි ලබාගැනීමේදී ලංකා සතොස කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිර්දේශයට අනුව ප්‍රමාද ගාස්තු නිදහස ලබාදුන් බව කී එම නිලධාරියා මාස තුකට අධික කාලයක් එම කන්ටේනර් තොගය වරායේ තිබූ බව සඳහන් කළේය.

සීනි ආනයනය තහනම් කර තිබීම නිසා සීනි කන්ටේනර් 500 කට අධික සංඛ්‍යාවක් පර්යන්ථවල ගොඩගැසී ඇති බවත් ලංකා සතොසට ලබාදුන් කන්ටේනර් තුළ සීනි මෙටි්‍රක්ටොන් 2000 කට අධි ප්‍රමාණක් ඇති බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.