සත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනයට අවසර


(ඩයනා උදයංගනී)

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු හෝ සුදුසු වෙනත් ධාන්‍ය මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ වන විට දේශීය වෙළඳපලෙහි බඩඉරිඟු මිල ඉහළයාම නිසා සත්ව ආහාර මිල ඉහළයාමෙන් බිත්තර හා කුකුළු මස් මිලද ඉහළ ගොස් ඇති බැවින් මෙම ප්‍රමාණය ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.