සජිත් ටීඑන්ඒ මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක


(රංජන් කස්තුරි)

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (09) යාපනයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

යාපනයේ මේ දිනවල පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ අතර ඒ අතරේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර දීර්ඝ ලෙස එහිදී සාකච්ඡාවක් පැවැති බවද පැවැසේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ සුමන්තිරන් , මාවෛයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ පිරිසක්ද මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ද එම සාකච්ඡාව එක්ව සිටියහ.