සජබ උද්ඝෝෂණය අස්සේ මොරටුව නගර සභා ආරක්ෂකයාට ගුටි පූජාවක්


(රේඛා තරංගනී ෆොන්සේකා සහ බී.ජානක)

මොරටුවේ මහ නගර සභාවේ සමගි ජන බලවේගය සංවාධානය කළ උද්ඝෝෂණයක් අතරතරු නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනකුගේ පහර කෑමට ලක් වූ බව කියන නගර සභා ආරක්ෂකයකු පානදුර රෝහලට ඇතුළත් කළ බව මොරටුව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් එම ආරක්ෂකයා මොරටුව පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

ඉන්ධන මිලට වැඩි කිරීමට හා බඩු මිල අඩු කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු මෙම උද්ඝෝෂණය කළහ.

මාධ්‍යවේදීන්ට සභාවේ කටයුතු වාර්තා කිරීමට අවසර නොලැබූ අතර මෙහිදී මොරටුව නගරාධිපතිවරයාගේ කළ විමසීමේදී කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව මාසික මහ සභාවට මන්ත්‍රීවරුන් ගෙන් සීයට 50කුත් සභා කාර්ය මණ්ඩලයෙන් 40% කුත් ගෙන්වීමට කටයුතු කර ඇති බව සඳහන් කල නගරාධිපතිවරයා එය මාධ්‍යයට සිදුකළ බාධාවක් නොව නගරයේ සෞඛ්‍ය බලධාරියා වශයෙන් ගනු ලැබූ තීන්දු තීරණ වල ප්‍රතිඵලයක් බව ද පැවසීය.

මෙම අවස්ථාවේ තමා ක්‍රියා කරනු ලබන්නේ මොරටු ජනතාව මෙම වසංගත තත්ත්වයෙන් බේරාගැනීම අරමුණු කරගෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.