(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය බත් පැකට් සහ අරක්කු දී ජනතාව උද්ඝෝෂණ වලට ගෙන්වන ජාවාරමක් පටන්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
එලෙස උද්ඝෝෂණ වලට එන ජනතාවට බිලි පූජා ලබාදීමේ කොන්ත්‍රාත්තුව සමගි ජන බලවේගයේ යහමින් මුදල් ගැවසෙන දෙදෙනකුට පවරා ඇතැයි කී රංගෙ බණ්ඩාර මහතා මෑත දිනකදී කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයකට සහභාගී වන අයට පුද පඬුරු ලබාදීම සඳහා ඔවුන් දෙදෙනාගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ඉල්ලා ඇති බවද සඳහන් කළේය.
මෙම ධනපතියන්ගෙන් එක් අයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි දහයක් දී ඔහුගේ අසුනේ ඉඳගැනීම සම්බන්ධයෙන් කුප්‍රකටව සිටින්නකු බවද රංගෙ බණ්ඩාර මහතා කීය.
මෙලෙස දොළ පිදේනි දී ජනතාව විරෝධතා වලට සහභාගී කර ගැනීම සැබෑ ජනතා හඬ යටපත් කිරීමක් මෙන්ම ජනතාවට කරන නිග්‍රහයක් යැයි රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

