
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය .
එම පනත් කෙටුම්පත මැති සබයට පැමිණ ඡන්දය දෙන මන්ත්‍රීවරුන් බහුතරයකගෙන් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක වරයා කීවේය .
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1)ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරුණු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කතානායක වරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි .

