සංචාරක වීසා මත ඇවිත් ගණිකා වෘත්තීයේ නියැලූ 8 ක් අත්අඩංගුවට


(ජයන්ත සමරකෝන්)

සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තීයේ යෙදී සිටි බව කියන තරුණ විදේශීය කාන්තාවන් 8 දෙනෙකු අද (11) දහවල් බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තරුණ කාන්තාවන් අතර ගණිකා වෘත්තීය මෙහෙයවූ චීන ජාතික කාන්තාවක් ද සිටින බව එම දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර චීන 2, තායිලන්ත 3, පිලිපීන 3 ක් වෙති. වැඩිදුර පරීක්ෂණ සඳහා මොවුන් සියලුම දෙනා මිරිහාන රැඳවුම් නිවාසය වෙත ගෙන ගොස් ඇති අතර පරීක්ෂණ වලින් පසු රටින් පිටුවහල් කිරිමට පියවර ගන්නා බවද වැටලීම් නිලධාරීහු පැවසුහ.